ඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතුර ටික උරාගන්න. අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාවිච්චි කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගත්තා. සේරම දුක් දරාගත්තා. ඒ වතුර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතුරෙන් මුළු හිතම තෙමාගත්තා. සමහරදාට ඒ වතුර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ.
Mawwath Hadawath - මව්වත් හදවත්
- Publisher: Grantha.lk - ග්රන්ථ
- Categories:
- - Novels - නවකතා
- - Dilshani Chathurika Dabare - ඩිල්ෂානි චතුරිකා දාබරේ
- ISBN: 9786246749057
- Availability: Available
-
Rs. 1,200.00

